අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

by Staff writer 12-11-2019 | 9:01 AM

COLOMBO ( News 1st ) - අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රදේශවලත්, කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේත්, පඹහින්න - බලංගොඩ මාර්ගයේත් කන්ඩි කඩා වැටීම් පිළිබද විමසිලිමත් විය යුතු බවයි. අද පස්වරු 3.00 දක්වා බල පැවැත්වෙන පරිදි එම අනතුරු ඇගවීම නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතයේ නායයෑම් අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා.