MCC ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 13 වන දා

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

by Staff writer 11-11-2019 | 11:09 AM
COLOMBO (News 1st) : MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. ඒ අනුව ලබන 13 වන දා එම පෙත්සම් සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරුවරයා පත්කරන ලද විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහරේ මහතායි. එල්.ටී.බී දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.