රත්නපුර ඩිපෝ සේවකයින් වර්ජනයක

රත්නපුර ඩිපෝ සේවකයින් දින 2 ක සිට වර්ජනයක

by Staff writer 11-11-2019 | 5:48 PM

COLOMBO (News 1st) - රත්නපුර ඩිපෝ සේවකයින් දින දෙකක සිට වැඩ වර්ජනයක නිරත වෙති.

ඊට හේතුවී ඇත්තේ, මාස 2 ක කාලයක සිට සිය වැටුප් නොගෙවීමයි. ඩිපෝ සේවකයින් ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත්වීමට වැටුප නිසි කලට ලබාදෙන ලෙසයි. වර්ජනය හේතුවෙන් බස් රථ 80 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය නොවන බව අප වාර්තාකරු සඳහන් කළේ ය.