තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරිම අද සිට

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරිම අද සිට

by Staff writer 11-11-2019 | 7:43 AM
COLOMBO (News 1st) : මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත්, ඡන්ද දායකයින් වෙත බෙදාහැරිම අද ආරම්භ වේ. ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් සංඛ්‍යාව ලක්ෂ තුනකි. එම හැඳුනුම්පත් පසුගිය 09 වනදා ජාතික මැතිවරණ කොමිසමට භාර දී තිබේ. මේ අතර අතර ජනාධිපතිවරණයට සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය හෙට දක්වා දීර්ඝ කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.