වාහන අංගනයේ ගින්නෙන් යතුරුපැදි 47ක් විනාශයි

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47ක් විනාශයි

by Staff writer 11-11-2019 | 9:11 AM
COLOMBO (News 1st) : ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47 ක් විනාශ වී තිබේ. ඊයේ රාත්‍රී 10 ට පමණ ගින්න හටගෙන තිබිණ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි නිවිම් රථ 4 ක් නිලධාරින් 20 දෙනෙකු යොදා ඊයේ රාත්‍රියේම ගින්න මැඩපැවැත්වූ බවයි.