සෙල්ලකතරගම වෙඩි තැබීමක් හා පිහිඇණුමක්

සෙල්ලකතරගම වෙඩි තැබීමක් හා පිහිඇණුමක් : පුද්ගලයෙකු මරුට, තවත් අයෙක් රෝහලේ

by Staff writer 10-11-2019 | 5:59 PM
COLOMBO (News 1st) : කතරගම, සෙල්ලකතරගම - තණමල්විල මාර්ගයේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් හා පිහිඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පස්වරු 4.45 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයාගේ සිරුර කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා ද එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ අනාවරණය වී ඇතත් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.