සා/ පෙළ ප්‍රවේශ පත්‍ර ලබන සතියේ තැපෑලට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබන සතියේ තැපෑලට

by Staff writer 10-11-2019 | 1:18 PM

COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර ලබන සතියේ තැපෑලට යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ට ඔවුන්ගේ ලිපිනයන් වෙතත් යොමු කරන බවයි. මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 716,000 කට අධිකයි. විභාගය ලබන දෙවැනිදා සිට 12 වැනි දා දක්වා පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.