රෝයල් පාර්ක් ඝාතනයේ වැරදිකරුට ජනපති සමාව

රෝයල් පාර්ක් ඝාතන නඩුවේ මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහට ජනපති සමාව

by Staff writer 10-11-2019 | 7:18 AM

COLOMBO (News 1st) - 2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ඇන්තනි ජයමහ නැමත්තාට ජනාධිපති සමාව හිමිව තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චුදිතයාට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවේ ය. මෙලෙස මරණ දඬුවම හිමි වූ ශාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අතර ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ සවස බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ ය.