රුසියාව සහ තුර්කිය එකඟතාවක

රුසියා - තුර්කි ජනපතිවරුන් සිරියාව පිළිබද තීරණාත්මක සාකච්ඡාවක

by Staff writer 10-11-2019 | 8:14 AM

News 1st - ඊසාන දිග සිරියාවේ ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ තුර්කිය එකඟතාව පළ කර තිබේ.

ඒ, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගෝන් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර රුසියාවේ සොචිහි පැවති සාකච්ඡාවකදීයි. මේ අනුව තුර්කි - රුසියා හමුදා ඊසානදිග සිරියාවේ ඒකාබද්ධ හමුදා මුර සංචාර ආරම්භ කරනු ඇති. ඊසාන දිග සිරියාවෙන් කුර්දි සටන්කාමීන් පළවා හැරීම සඳහා පසුගිය මාසයේ තුර්කිය ප්‍රබල මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ, සිරියානු සරණාගතයින් පදිංචි කරවීම සඳහා ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණිනි. එම මෙහෙයුම් අතරතුර පුද්ගලයින් තුන් ලක්ෂකයට අධික පිරිසක් අවතැන් විය.