ඉන්දීය ධීවරයින් තිදෙනෙක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 3ක් අත්අඩංගුවට

by Staff writer 10-11-2019 | 3:22 PM

COLOMBO (News 1st ) - නීති විරෝධීව මෙරටට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, කෝවිලම් තුඩුවට වයඹ දෙසින් මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද සිය භාරයට ගත් බව ය. එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදීමට නියමිත ය.