පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලංකාවට රිදී පදක්කමක්

දිනේෂ් ප්‍රියන්ත පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගනී

by Staff writer 10-11-2019 | 10:33 PM

COLOMBO ( News 1st ) - දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ, හෙල්ල විසිකිරීම පිරිමි එෆ් 46 ඉසව්වේ රිදී පදක්කම අද දිනා ගත්තේ ය.

ඒ මීටර් 60. 59ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ය. එම ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම් ඉන්දිය ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් හිමි කර ගෙන ඇත. ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායිහිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඊට සහභාගි වේ.