ඡන්ද පත්‍රිකා 98% බෙදා හැර අවසන්

ඡන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට අවස්ථාව

by Staff writer 10-11-2019 | 7:38 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඊයේ දිනයෙන් අවසන් විය.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 98% ක් අදාළ කාලය තුළ බෙදා හැරී බවයි. කෙසේ වෙතත් මෙතෙක් කිසියම් ඡන්ද දායකයෙකුට තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේ නම් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගන්නා ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කළේ ය.