ගෝඨාභයට එරෙහි අසත්‍ය ප්‍රචාර පැතිරූ දෙදෙනෙකු දැලේ

ගෝඨාභය රාජපක්ෂට එරෙහි අසත්‍ය ප්‍රචාර පැතිරූ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 10-11-2019 | 10:36 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අසත්‍ය ප්‍රචාර පැතිරූ බවට සැකපිට දෙදෙනෙකු අද දහවල් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අත්පත්‍රිකා 58ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. කොට්ටාව පාර, විජේසේකර මාවත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවත්, 60 හැවිරිදි සහ 64 හැවිරිදි සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරුණි. ඔවුන් හෙට යළි අධිකරණය හමුවට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.