පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

අගමැතිගේ ඉල්ලීම මත කථානායක හෙට පාර්ලිමේන්තුව කැඳවයි

by Staff writer 10-11-2019 | 9:28 AM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කථානායක කරූ ජයසුරිය මහතා විසින් හෙට දිනයේ පාර්ලිමේන්තුව කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවල මහතා කියා සිටියේ, හෙට පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇති බවයි. ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපිත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.