සෙල්ලකතරගම වෙඩි තැබීමක් හා පිහිඇණුමක් : පුද්ගලයෙකු මරුට, තවත් අයෙක් රෝහලේ

සෙල්ලකතරගම වෙඩි තැබීමක් හා පිහිඇණුමක් : පුද්ගලයෙකු මරුට, තවත් අයෙක් රෝහලේ

සෙල්ලකතරගම වෙඩි තැබීමක් හා පිහිඇණුමක් : පුද්ගලයෙකු මරුට, තවත් අයෙක් රෝහලේ

කර්තෘ Staff writer

10 Nov, 2019 | 5:59 pm

COLOMBO (News 1st) : කතරගම, සෙල්ලකතරගම – තණමල්විල මාර්ගයේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් හා පිහිඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පස්වරු 4.45 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුර කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා ද එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ අනාවරණය වී ඇතත් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]