ගෝඨාභයට අමෙරිකානු පුරවැසිභාවය නැහැ

"ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙකු නොවේ" - නාමල් රාජපක්ෂ

by Staff writer 10-11-2019 | 7:53 AM

COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ඒ බව පැවසූවේ, සිය නිල ට්විටර් පිටුව තුළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. මේ අතර‍ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් ඔස්සේ පණ්වුඩයක් නිකුත් කර තිබිණි. එහි දැක්වෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ඇතුළත්ව නොමැති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු වන අතර ජනපති ධුරයට තේරී පත් වුව හොත් ඔහුට එම ධුරය දැරීමට නොහැකි වනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු මහතා එහි සඳහන් කර තිබේ.