අහිම්සා වික්‍රමතුංගගෙන් මෙරට වැසියන්ට ආයාචනයක්

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ශ්‍රී ලාංකීය ජනතාව හමුවේ කළ ආයාචනය

by Staff writer 09-11-2019 | 6:10 PM
COLOMBO (News 1st) : ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ආයාචනයක් කර තිබේ. ඇය පවසන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් පැමිණි ගමන ගැන සිතන විට ඔහුගේ වේදනාව සහ අරගලය තුළ තම සටනද පිළිබිඹු වන බවයි. ඔහුගේ ප්‍රතිවාදියා තම පියාගේ ඝාතනය රූපවාහිනී සාකච්ඡාවකදී සැමරූ බියගුල්ලෙකු ලෙස හඳුන්වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය සඳහන් කර ඇත්තේ ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරිම ගැන එල්.ටී.ටී.ඊ. නායකයා පවා එසේ පුරසාරම් නොදෙඩූ බවයි. නිර්දෝශී භාවය ඔප්පු කිරීම වෙනුවට ප්‍රමාදයන් සහ තාක්ෂණික ක්‍රමෝපායන් හරහා විමර්ශන හා නඩු මග හැරීම රාජපක්ෂ මහතාගේ ක්‍රමය බව ඇය පවසන්නී ය. අහිම්සා වික්‍රමතුංග මෙනවිය සඳහන් කරන්නේ මෙම මැතිවරණ ව්‍යාපාරය තුළද සෑම විටම ප්‍රතිවාදීන් සමග වාද විවාද කිරීම මගහැරීමත් මාධ්‍යවේදීන් දැඩි ප්‍රශ්න විමසන අවස්ථාවල ඒවා අන් අයට යොමුකිරීමත් දක්නට ලැබුණු බවයි. සියලු බාධක කම්කටොලු මැද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණ විවිධ අභියෝග හමුවේ දේශපාලන ජීවිතය ගොඩනගා ගනිමින් දුෂ්කර මාර්ගයක පැමිණි සජීත් ප්‍රේමදාස මහතා පුද්ගලික උවමනා පසෙක තබා පොදු අරමුණ වෙනුවෙන් ක්‍රියාකරන ආකාරය ඇය අගය කර තිබේ. අහිම්සා වික්‍රමතුංග මෙනවිය පවසන්නේ තම දේශපාලන හතුරන්ට එරෙහිව ක්‍රියා කිරීමට රාජ්‍ය ත්‍රස්තවාදය අතට ගත් පුද්ගලයෙකුට වඩා,, කෘර ත්‍රස්තවාදයෙන් බැටකා වේදනා වින්ද පුද්ගලයා වඩාත් යුක්ති සහගත යහපත් රාජ්‍ය නායකයා වන බවට විශ්වාස කරන බවයි.