රජරට වසාදැමූ පීඨ ලබන 25 විවෘත කෙරේ

රජරට සරසවියේ වසාදැමු පීඨ 4 ලබන 25 යළි විවෘත කෙරේ

by Staff writer 09-11-2019 | 9:46 AM

COLOMBO ( News 1st ) - උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ මෙන් ම කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු එලෙස ආරම්භ වනු ඇති. නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් ලබන 23 හෝ 24 යන දිනවල පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව විශ්ව විද්‍යාල පාලනධිකාරිය ප්‍රකාශ කළේ ය. සිසුන් අතර පැතිර යන උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04 ක් වසා දැමුණේ පසුගිය සෙනසුරාදා ය.