කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනයේදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 09-11-2019 | 2:32 PM

COLOMOBO ( News 1st ) - යාපනය චුන්දිකුලම් වෙරළ ප්‍රදේශ‍යේ කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රැම් 83ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරීමේදී එම ගංජා තොගය සොයා ගත් බව ය. මේ අතර රන්න ප්‍රදේශ‍යේ කළ මෙහෙයුමකදී ද ගංජා කිලෝග්‍රෑම් 3ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි.