by Staff writer 09-11-2019 | 2:24 PM
COLOMBO ( News 1st ) - මීගොඩ ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සමග ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඒ අතර තරුණියින් 09 ක්ද වන බවයි.
සාදයේ සිටි සියලු දෙනා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති අතර ඔවුන් අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන බව පොලීසිය පැවසුවේ ය.
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.