by Staff writer 09-11-2019 | 10:08 PM
COLOMBO (News 1st) : අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් ඔස්සේ පණ්වුඩයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ඇතුළත්ව නොමැති බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු වන අතර, ජනපති ධුරයට තේරී පත් වුව හොත් ඔහුට එම ධුරය දැරීමට නොහැකි වනු ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා එහි සඳහන් කර තිබේ.
අමාත්‍යවරයාගේ මෙම ට්විටර් පණිවුඩයට අදාළව, නිවුස් ෆස්ට් අප 2019 තුන්වැනි කාර්තුවේ ඇමරිකා එක්සත් ජනපද පුරවැසි භාවය ඉල්ලා අස් කරගත් අයගේ නිල නාමාවලිය පරීක්ෂා කළ ද අප මෙම ප්‍රවෘත්තිය පළ කරන අවස්ථාව වන විට ත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එම නාමාවලිය තුළ අපට සොයාගත නොහැකි විය.