බීඩී කොළ තොගයක් නාවික හමුදාව භාරයට

කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව භාරයට

by Staff writer 09-11-2019 | 2:52 PM

COLOMBO ( News 1st ) - කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 3018 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ඒ, පාර්සල් 52ක බහා තිබියදී ය. මේ අතර තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදුදේදී පාර්සල් 21 ක අසුරා තිබූ බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 904 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. වසරේ ගතවූ කාලය තුළ කළ වැටලීම්වලදී බිඩී කොළ කිලෝග්‍රෑම් 48000කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.