මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
රජරට සරසවියේ වසාදැමු පීඨ 4 ලබන 25 යළි විවෘත කෙරේ

රජරට සරසවියේ වසාදැමු පීඨ 4 ලබන 25 යළි විවෘත කෙරේ

රජරට සරසවියේ වසාදැමු පීඨ 4 ලබන 25 යළි විවෘත කෙරේ

කර්තෘ Staff writer

09 Nov, 2019 | 9:46 am

COLOMBO ( News 1st ) – උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ මෙන් ම කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු එලෙස ආරම්භ වනු ඇති.

නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් ලබන 23 හෝ 24 යන දිනවල පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව විශ්ව විද්‍යාල පාලනධිකාරිය ප්‍රකාශ කළේ ය.

සිසුන් අතර පැතිර යන උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04 ක් වසා දැමුණේ පසුගිය සෙනසුරාදා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]