මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

09 Nov, 2019 | 7:35 am

දේශීය පුවත්

1. නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කෙරේ: ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබා දෙන්නැයි විත්තිය කළ ඉල්ලීම, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රතික්ෂේප කළේ ය.

2.සජිත් ප්‍රේමදාසගෙන් මහින්ද රාජපක්ෂට ප්‍රශ්න 4ක අභියෝගයක් : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

3.පොහොට්ටුවේ රැළියකට ගිය තරුණියකට හෙම්මාතගමදී අතවර කළ බවට පැමිණිල්ලක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක: කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

4.අමාත්‍ය වසන්ත සේනානායකගේ සහය ගෝඨාභයට: රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළේ ය.

5. ‘බුල්බුල්’ චණ්ඩ වෙයි: බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල්බුල් සුළි කුණාටුව මේ වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]