by Staff writer 09-11-2019 | 8:26 AM
COLOMBO ( News 1st ) - දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන්, කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන සඳුදා දක්වා එම දුම්රිය සේවාව ක්‍රියාත්මක බව ය.
ඒ අනුව, කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවනු ඇති.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, රාත්‍රී 8.00ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5.26 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බවයි.