රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් 17 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 08-11-2019 | 4:01 PM
COLOMBO (News 1st) : රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා යළි ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එලෙස බන්ධනාගාරගත කෙරුණේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකි. පසුගිය ජනවාරි 23 වන දා රත්ගම, බුස්ස රත්නඋදාගම පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසික් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.