'බුල්බුල්' චණ්ඩ වෙයි

'බුල්බුල්' චණ්ඩ වෙයි

by Staff writer 08-11-2019 | 5:17 PM
COLOMBO (News 1st) : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල්බුල් සුළි කුණාටුව මේ වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ඉදිරි පැය 24 එය තවදුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ බටහිර බොංගාල සහ බංගලාදේශ වෙරළට ගමන් කරනු ඇති බවයි. මේ අනුව උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග ඉතා තද සුළං ඇතිවිය හැකි ය. මේ හේතුවෙන් ලබන 11 වන දා දක්වා එම මුහුදු ප්‍රදේශවල , ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.