ඇවන්ට්ගාඩ් සභාපතිගේ ඇප අයදුම ප්‍රතික්ෂේපයි

නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 08-11-2019 | 6:52 PM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබා දෙන්නැයි විත්තිය කළ ඉල්ලීම, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රතික්ෂේප කළේ ය. විත්තිකරුගේ රෝගී තත්ත්වය සලකා ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදා හරින්නැයි, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල එලෙස ප්‍රතික්ෂේප කළේ, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා දැක්වූ දැඩි විරෝධය සලකා බලමිනි. ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ, ලබන 3 වන දා නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. නඩුව ලබන දෙසැම්බර් 03 වැනිදා යළි කැඳවීමට දින නියම කෙරිණ. නීතිපතිවරයා එම නඩුව පවරා ඇත්තේ නීතිවිරෝධී අන්දමින් N V ඇවන්ගාඩ් නමැති නෞකාවේ ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීම ඇතුළු ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේයී.