by Staff writer 08-11-2019 | 2:58 PM
COLOMBO (News 1st) : ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ පොලීසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පැලවත්ත අකුරේගොඩ ඉදිකෙරුණු නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි.
ජාතික ආරක්ෂාවේදී මෙන්ම රටේ භෞතික සංවර්ධනයේදී ද සහ මහජන සුභසාධන කටයුතුවලදී ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය ජනාධිපතිවරයා සිහිපත් කළේ ය.
සිය පස් වසරක ධුර කාලය තුළදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කළ සියලු කටයුතු සාර්ථක කර ගැනිමට ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ලබාදුන් විශිෂ්ට දායක්තවයට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සේවාභිමානි සහ සිවිල් කාර්ය මණ්ඩල වෙත සේවා පදක්කම් ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණ.
ජනාධිපතිවරයා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණ.