ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3214ක්

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3214ක් - ජාතික මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 08-11-2019 | 2:35 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,214ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා ය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා 25ක්, නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3,087ක් සහ වෙනත් පැමිණිලි 102ක් ඒ අතර වන බව ය. මේ අතර ඊයේ පස්වරු 4.00 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 131ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.