by Staff writer 08-11-2019 | 10:04 AM
COLOMBO ( News1 st ) - ඡන්ද දායකයින් ලක්ෂ 3කට ලබන 10 වැනිදාට පෙර තාවකාලික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ පුද්ගලයින්ට එලෙස ඡන්දය භාවිත කිරීමට පමණක් හැකියාව ලැබෙන පරිදි මෙම තාවකාලික හැදුනුම්පත නිකුත් කරන බව ය.
විශේෂිත ආරක්ෂිත කඩදාසියක මුද්‍රණය කෙරෙන මෙම හැඳුනුම්පතෙහි ජාතික හැඳුනුම්පතට ඇතුළත් සියලු තොරතුරු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන සහිතව නිකුත් කෙරෙනු ඇති.
ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් මෙම හැඳුනුම්පත ඉල්ලුම්කරුවන් අතට පත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.