මාස 10ක් තුළ දකුණු පළාතෙන් ඩෙංගු මරණ 14ක්

මාස 10ක් තුළ දකුණු පළාතෙන් ඩෙංගු මරණ 14ක්

by Staff writer 07-11-2019 | 4:01 PM
COLOMBO (News 1st) : වසරේ ගත වූ මාස 10 තුළ දකුණු පළාතෙන් ඩෙංගු මරණ 14 ක් වාර්තා වී තිබේ. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, ගත වූ මාස 10 තුළ දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 12500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 10 ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7000කි. ගාල්ල නගර බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ද විජේසූරිය මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, මේ වනවිට ගාල්ල නගරය ආශ්‍රිතව මදුරු මර්දන කටයුතු සිදුකෙරෙන බවයි.