ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

by Staff writer 07-11-2019 | 4:12 PM
COLOMBO (News 1st) : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ එම මුහුදු ප්‍රදේශයේ පවතින බුල් බුල් නැමති සුළි කුණාටුව හේතුවෙනි. එය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹට ගමන් කර බංග්ලාදේශයට දෙසට හමා යනු ඇති. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 110 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.