by Staff writer 07-11-2019 | 11:26 AM
COLOMBO (News 1st ) - ගනේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී අඹුසැමි යුවලක් ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ එම ඝාතනය සිදුව ඇති බව ය.
මියගොස් ඇත්තේ අවුරුදු 72 සහ 73 යන වයස්වල පසුවන යුවලකි.
සිද්ධියට සම්බන්ධ සැකකරු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.