by Staff writer 07-11-2019 | 10:51 AM
COLOMBO ( News 1st ) - කළු ගඟ ජලාශයේ සංචිත දියදහර මුදාහැරීම මීට ටික වේලාවකට පෙර සිදු කෙරිණි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
කළු ගඟ ජලාශය, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශයයි.
එම ජලාශය ඉදිකර ඇත්තේ, නකල්ස් කඳුවැටියේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් ය.
එහි සම්පූර්ණ ධාරිතාව, ඝන මීටර දස ලක්ෂ 248 කි.
එම ජලාශයේ ප්‍රධාන වේල්ල දිගින් මීටර 618 ක් සහ මීටර 68 ක උසකින් සමන්විත ය.
කළු ගඟ පහළ නිම්නයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000 ක් සඳහා ඉන් ජලය සැපයේ.
හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2000 ක ප්‍රමාණයක් වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපයීමෙන් අනතුරුව අතිරික්ත ජල ධාරිතාව මොරගහකන්ද ජලාශයට මුදාහැරෙනු ඇති.
මේ අතර මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙනු අඹන නගරය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරේ.
නව රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බස් නැවතුම්පොළ ආදී ස්ථාන අඹන නව නගරයේ ඉදිකිරීම වෙනුවෙන් වෙන්කළ මුදල රුපියල් මිලියන 1200 කි.