by Staff writer 07-11-2019 | 3:13 PM
COLOMBO (News 1st) : මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබී ය.
2009 අගෝස්තු 27 වන දා හෝ ඊට ආසන්න දිනකදී ගිරිතලේ ,හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමග එක්ව අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් එලෙස පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේයි.
යුද හමුදා ලුතිනන් ෂම්මි අර්ජුන් කුමාරරත්න ,යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ප්‍රබෝධ සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව එලෙස නඩු පවරා තිබේ.