දරු දෙදෙනා සහ බිරිඳ මරා දමූ ඝාතකයාට මරණ දඬුවම..

අනියම් පෙම වෙනුවෙන් සිය දරු දෙදෙනා සහ බිරිඳ මරා දමූ රත්මලානේ ඝාතකයාට මරණ දඬුවම..

by Staff writer 07-11-2019 | 4:51 PM
COLOMBO (News 1st) : තම දරු දෙදෙනා සහ බිරිඳ ඝාතනය කර පිළිස්සීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. සිය අනියම් පෙම්වතිය සමග නව යුග දිවියක් ආරම්භ කිරිමේ අරමුණින් 31 හැවිරිදි පාසල් ගුරිවරියක වන සිය බිරිඳ සහ තෙ හැවිරිදි තම දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර පිළිස්සීම සහ මසක් වයසැති තම දරුවා පුළුස්සා මරා දැමීම යන අධිචෝදනා 3ට විත්තිකරු වරදකරු කරනු ලැබී ය. එලෙස මරණ දඩුවම නියම වූයේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ 38 හැවිරිදි විත්තිකරුවෙකුටයි. 2012 දෙසැම්බර් 16 වන දා රාත්‍රියේ හෝ ඊට පසුදින අලුයම රත්මලාන, කන්දේමුල්ල ගොළුමඩම ආසන්නයේ නිවසක් තුළ එම ත්‍රිත්ව ඝාතනය සිදුව තිබිණ. https://www.facebook.com/NewsfirstSL/videos/704510573369130/