හම්බන්තොට අධිවේගයේ එක් කොටසක් ජනතා අයිතියට

අධිවේගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස ජනතා අයිතියට

by Staff writer 07-11-2019 | 10:13 AM

COLOMBO ( News 1st ) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස මීට ටික වේලාවකට පෙර විවෘත කෙරිණි.

ඒ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි. කිලෝමීටර 40 ක දිගින් යුත් එම කොටස විවෘත කිරීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක, සූරියවැව, මත්තල සහ හම්බත්තොට යන පිවිසුම් ද විවෘත වේ.