ජූලම්පිටිය අමරේට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම

ජූලම්පිටිය අමරේට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම

ජූලම්පිටිය අමරේට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම

කර්තෘ Staff writer

07 Nov, 2019 | 3:18 pm

COLOMBO (News 1st) : ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරිමේ චෝදනාවට වරදකරු වු ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට අද මරණ දඬුවම නියම කෙරිණ.

ඒ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම වෙඩි තැබීමෙන් මියගියේ කටුවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ අවුරුදු 18 ක තරුණයෙකි.

2012 වසරේ ජුනි මාසයේ 15 වන දින කටුවන හැඩිවත්තේ පැවති ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමකට විත්තිකරු එලෙස වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]