MCC පෙත්සම් විභාගය...

MCC ගිවිසුමේ පෙත්සම් විභාග කිරීමට පුර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි ඉල්ලීමක්

by Staff writer 06-11-2019 | 5:04 PM

COLOMBO ( News 1st ) - MCC හෙවත් මිලේනියම් චැලේජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ ඇති පෙත්සම් විභාග කිරීමට පුර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි, පෙත්සම් පාර්ශවය අද ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පෙත්සම් ගොනුකර ඇත්තේ, පුජ්‍ය අහුන්ගල්ලේ ජිනානන්ද හිමියන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ය. අද දින එම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවේ, බුවනෙක අලුවිහාරේ සහ එස් තුරෛයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ ය. මෙම ගිවිසුම රටට බලපාන අහිතකර ගිවිසුමක් බව, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. නිතිඥවරයා පෙන්වා දුන්නේ, එබැවින් මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පුර්ණ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු බවයි. ඒ අනුව, මෙම නඩු ගොනුව අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. පෙත්සම් ලබන 13 වනදා යළි කැඳවීමට නියමිතය.