පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

රු. 10,000 ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු දැලේ

by Staff writer 06-11-2019 | 10:57 AM

COLOMBO (News 1st) - පුද්ගලයෙකුගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අනුරාධපුර කඩ දහය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ලද තොරතුරක් මත වැටලීම කළ බවය. අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. නිවසක දේපොළවලට හානි කරන ලද වගඋත්තරකරුවකුට එරෙහිව තිබෙන චෝදනා වෙනස් කර පැමිණිලිකරු සමග සමතයකට පත්වීම සඳහා කටයුතු සිදුකර දෙන බව පවසමින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ ය.