by Staff writer 06-11-2019 | 9:27 AM
COLOMBO (News 1st) - සුළිකුණාටු අවදානම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත යාත්‍රාවලට ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය භාර සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශ දැඩි අනතුරුදායක විය හැකි බවයි.
මේ අතර උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ යාබද ගිණිකොන දිග මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.
එබැවින් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇතිවිය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකිවේ.