by Staff writer 06-11-2019 | 4:35 PM
COLOMBO ( News 1st ) - දකුණු මුහුදු තීරයේදී අනාවරණ කරගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, නාවික හමුදා භාරයට පත් හෙරොයින් තොගය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ය.
කිලෝග්රෑම් 200කට අධික හෙරොයින් තොගයක් සමග ධීවරයින් 5දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, විමර්ශනවලදී හෙළි වුයේ මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බව ය.
මෙම ජාවාරමට විදේශ රටවල සබඳතා පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
ඒ සඳහා විදෙස් බුද්ධි අංශ සහය ද ලබා ගැනෙණු ඇති.
පොලීසිය ප්‍රකාශ කළේ, අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණය කිරීමට ද පියවර ගෙන ඇති බව ය.