නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට

by Staff writer 06-11-2019 | 7:51 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට භාර දුන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඒ යටතේ නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි 70000 ලක්ෂයක් මැතිවරණ කොමිසමට භාරදුන් බවයි. මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඒ අනුව සාර්ථකව අවසන් කළ බව ද ඇය සඳහන් කළා ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසීය.