ඉන්දියාවේ වායු දූෂණය ලංකාවටත් බලපායි ද?

ඉන්දියාවේ වායු දූෂණය ලංකාවටත් බලපායි ද?

by Staff writer 06-11-2019 | 10:29 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන මීදුම් තත්ත්වය ඉන්දියාවේ පවතින වායු දූෂණයේ ප්‍රතිඵලයක් මත ඇතිවූවක් ද යන්න පිළිබඳ පරීක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ, කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම තත්ත්වය ඊයේ වාර්තා වූ බවයි. ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය මේ වනවිට උග්‍ර වී ඇති අතර මේ වනවිට එය සෙසු ප්‍රදේශයවලට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.