by Staff writer 05-11-2019 | 11:24 AM
COLOMBO (News 1st) : MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අද අත්සන් තැබිමට සූදානම් වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා නිකුත් කළ එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ, එම ගිවිසුම අත්සන් කිරීමට පියවර නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම එය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට සහ අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ශ්‍රී ලංකා නිතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටින්නේ MCC ගිවිසුම අත්සන් තැබීමට මුදල් අමාත්‍යංශයට නීතිමය බලයක් නොමැති බව තම සංගමයේ අදහස බවයි.