by Staff writer 05-11-2019 | 3:45 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුව මීට සුළු මොහොතකට පෙර කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ, මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වන බවයි.