බොරලැස්ගමුවේදී හොර නෝට්ටු සමග 5ක් පොලිස් දැලේ

බොරලැස්ගමුවේදී හොර නෝට්ටු සමග 5ක් පොලිස් දැලේ

by Staff writer 05-11-2019 | 9:04 AM
COLIMBO (News1st) : බොරලැස්ගමුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බොරලැස්ගමුව නගරයේ අළෙවිසලක් ආශ්‍රිතව කළ වැටලීමකදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 3 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහුගෙන් ලද තොරතුරු මත එම මුදල් මුද්‍රණය කරනු ලබන ස්ථානය වටලා රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 7 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය. සැකකරුවන් මුදල් මුද්‍රණය සඳහා යොදා ගත් පරිගණකයක් සහ ස්කෑනර් යන්ත්‍රයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.