ඡන්ද පත්‍රිකා බෙදන තැපැල් කාර්යාලවලට පොලීසිය

නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව

by Staff writer 05-11-2019 | 11:54 AM
COLOMBO (News 1st) : නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාල 2192 සඳහා එලෙස පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසී ය. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 75% කින් අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ලබන 9 වැනිදා දක්වා නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවයි. ඒ සඳහා තැපැල් සේවකයින් අට දහසක් පමණ රාජකාරියේ යොදවා තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබූයේ නම් තමන්ට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් විමසීම් කළ හැකි බව ඔහු සඳහන් කළේ ය.