මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ 35,702ක් අත්අඩංගුවට

ගෙවුණු වසරේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ ජාවාරම් කළ 35,702ක් අත්අඩංගුවට

by Staff writer 05-11-2019 | 9:37 AM
COLOMBO (News 1st) : වසරේ ගතවූ කාලය මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ ජාවාරමේ නිරත වූ සැකකරුවන් 35,702 අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන, පෙලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව ඇතුළු විවිධ ආයතන මගින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අදාළ කාලය තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 1638 යි ග්‍රෑම් 397 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු පැවසී ය.